මුලින්ම අපි දැන ගන්න ඕනේ බුදු දහම කියන්නේ දැකලා යන ගමනක් මිස ගිහින් දකින ගමනක් නොවන බව. ඒ කියන්නේ දිනුම කනුවක් තියෙනවා, එකට යන පාරක් තියෙනවා, ඔන්න ඕක මුලින් දකින්න ඕනේ. ඕක දැක්ක කෙනාට කාගෙන්වත් පාර අහන්න ඕනෙත් නෑ දිනුම කනුව කොහෙද කියලා අහන්න ඕනෙත් නෑ. තමන් ඒක දැකලා තියෙන්නෙ. හැබැයි දැක්කට තවම එතනට ගිහිල්ල නෑ. ඊට පස්සේ දැකපු පාර දිගේ ගිහිල්ලා දිනුම කනුව ස්පර්ෂ කරනවා. දැන් මෙතන කාරනා දෙකක් තියෙනවා. එකක් තමයි පාර දැක්කා, දිනුම් කනුව දැක්කා. අනෙක තමයි දැකපු පාර දිගේ අනුගමනය කරමින් ගිහින් දිනුම් කනුව ස්පර්ෂ කලා.

මෙන්න මේ වගෙ බුදු දහම තුල නිවනත් නිවන් මගත් පලමුව දකින්න ඕනෙ. අන්න ඒ දැකපු කෙනාට තමයි ඒ මග අනුගමනය කරන්න පුලුවන්, අනුගමනය කරලා නිවන අත්දකින්න පුලුවන් වෙන්නේ.

මුලිම අපි දැනගන්න ඕනේ ඥානයට ඝෝචර වෙන ධර්මයක් බුදු දහම තුල තියෙනවා. එහි පලවෙනි අවස්ථාවට කියනවා පූර්ව භාග නුවන. ඒකේ ප්‍රතිඵලයට කියනවා "මග නැණ" (මාර්ගක් ඥානය). පූර්ව භාග නුවන පලමුව පහල වෙනවා. මග නැණ පසුව පහල වෙනවා.

මෙන්න මේ පූර්ව භාග නුවන පහල වෙන්නෙ අනිච්ච, දුක්ක, අනත්ත කියන මේ ත්‍රිලක්ෂනය හරියට තේරුම් ගිය දාටයි. මේ පූර්ව භාග නුවනේ යම් අඩු පාඩුවක් තිබුනොත් කවදාවත් ඔහුට මග හරියට පෙනෙන්නෙ නෑ, ඵලය හරියට පෙනෙන්නෙ නෑ. එහෙනම් නොපෙනෙන මග ගමන් කරලා ප්‍රතිඵල ලබන්න බෑ. එහෙනම් අත්‍යාවශම කාරනය වෙන්න ඕනෙ මාර්ගය හරියට පෙන්න ඕනෙ, ඒ මාර්ගය නිසා ලබන නිවන කුමක්ද කියා හරියට දැනෙන්න ඕනෙ, වැටහෙන්න ඕනෙ.

දැන් ඔබට ප්‍රශනයක් ඇති මම කොහෙන්ද පටන් ගන්නේ කියලා. මේ වටිනා ධර්ම දේශණයට සවන් දෙන්න, පටන් ගන්න එක විදිහක් ගැන හොඳට විග්‍රහ කරලා තියෙන්වා.

1 ප්‍රතිචාර:

n.a.nayana said...

මේක නම් ගොඩ්ක් අගය කල යුතු වැඩ්ක්.

මමත් මේ දේශනා සවන් දෙනවා Fiqri, Thamara ට පින් සිදු වෙන්න.

ඇත්තටම මේ දේශණා අහනකොට මට හිතුනා මම මොනවද දන්නෙ කියලා.

මේ සද්කාර්ය කර ගෙන යාමට තව තවත් ශක්තිය ලැබේවා.