ග්‍රහ අපලයක් ඇති වෙන ආකාරය ගැන කලින් ලිපියෙහි කල විස්තරයට අනුව ඒවා පලිසන් දීමට නම් අවශ්‍ය පරිසරයක් සකස් වී තිබිය යුතු බවත් සඳහන් කලා. හේතුව සහ ඵලය දන්නවා, "හේතුව නිරෝධ කිරීමෙන් ඵලය නිරෝධ වේ" යන ආකාරයට බලමු කොහොමද අපල නැතිකර ගන්නේ කියලා. මෙහිදි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි උපක්‍රමයක් කරලා බේරෙන එක (හරියට කෙනෙක්ගෙන් ණයක් අරගෙන ඒක ආපහු දෙන්නෙ නැතුව, නඩු කියලා බේරෙනවා වගෙ). හැබැයි ඒක තාවකාලිකයි (අර ණයහිමියා කොහි මොහොතේ හෝ බලං ඉන්නවා දීපු ණය ආපහු ගන්න, හොඳින් හෝ නරකින්). මේක තමයි අද ගොඩක් මිනිස්සු කරන්නේ. බෝධි පූජා තියෙලා, කොඩි වැල්, යන්ත්‍ර වගේ දේවල් එල්ලගෙන. මේකේ ප්‍රතිඵල නැහැ කියලා නෙමෙයි කියන්නේ. හැබැයි මේ සියල්ල ග්‍රහ අපල පලිසන් දීම වැලැක්වීම ( ග්‍රහ අපල පලිසන් දෙන පරිසරය වෙනස් කිරිම) සදහා කරන තාවකාලික උපක්‍රම පමණයි. අවස්ථාවක් නැවත උදා වු විට ඒවා නැවත ඇදී එනවා (අර කියපු ණය හිමියා ආපහු එනවා ණය ගත්ත කෙනා දුර්වල වෙච්ච වෙලාවක). අපි මොනවා කලත් ධර්මතාවය වෙනස් කරන්න බැහැ.

එහෙනම් මොකක්ද මේ ධර්මතාවය. ධර්මතාවය තමයි කරපු අසාධාරණයට වන්දි ගෙවන එක. වන්දි ගෙවන්නේ නැතිව මේවායින් මිදෙන්න කවදාවත් බැහැ. මේකට අපි උදාහරණ කිහිපයක් ගෙන බලමු. හරියට ඇවිද ගන්න බැරි හෝ කකුල් අමාරුවක් තියෙන හෝ කකුල් කැඩුනු පුද්ගලයෙක් ගැන අපි හිතමු. අනන්ත සසරේ ඒදඞු, මං මාවත් වහලා දාලා. නැත්නම් උගුල් අටවලා කරපු අසාධාරණයේ විපාකය තමයි ඕක. ඉතින් ඕක විපාක දෙන්න කලින් අපිට කරන්න පුළුවන් එහෙම අපලයක් තියෙනවා නම් කලින් දැනගෙන (හඳහන් බැලීමෙන් කරන්නේ මෙන්න මේ කලින් දැනගැනීමයි), මං මාවත් හදලා දීලා, ඒ දේවල් වලින් විපාක විදින මිනිසුන්ට උදව් උපකාර කරලා, ඒ ලැබෙන පින අපි විසින් පෙර කලකදී අසාධාරණයක් කරපු පුද්ගලයන් හට අනුමෝදන් කරවන්න පුළුවන්. මෙතනදී අපි ඒ පුද්ගලයන්ව දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම දැනට ඉන්න කොහෙද, ඒවා දැනගන්නත් අවශ්‍ය නැහැ.

"අනන්ත සංසාරයේ [මාගෙන්] යම් කිසි සත්වයකුට හෝ සත්ව කොට්ඨාශයකට අවැඩක්, අසාධාරණයක් සිදු වී තිබෙනවා නම්, මා මේ කරගත්ත පින හේතු කොට ගෙන ඔවුන් කෙබඳු භවයක, කෙබඳු උපතක සිටියත් මේ පින් විහිදි පැතිරි පිහිටාවා."

මෙහිදි [මාගෙන්] යන කොටසට අපිට අපල තියෙන අපගේ හිතවතෙකුගේ නම යොදන්නත් පුලුවන්. දැන් යම් කිසි කෙනෙකුට හිතෙන්න පුලුවන් අපේ අතින් අවැඩ අසාධාරණය වෙච්ච පුද්ගලයෝ මිනිස් අත්භවයක සිටියොත් කොහොමද අපි දෙන පින් අනුමෝදන් වෙන්නේ කියලා. දැන් හිතන්න අපි දහවල් වේලාවක (තදින් අව්ව තියෙන, දුවිල්ල තියෙන) පයින් ගමනක් යන විට අපි අඳුනන කෙනෙකු හමුවී හොඳට A/C තියෙන වාහනය අපිව ගෙනියනවා කියලා. ඒ වගේ අවස්ථාවක් වෙන්න පුලුවන් අර කරපු පින අනුමෝදන් වෙන. තවත් උදාහරණයක් කිව්වොත්, අපට සමහර වෙලාවලට අපිට මහත් චිත්‍තප්‍රීතිය දැනන වෙලාවල් එනවා, ඒ වෙලාවට හිතෙනවා කරන ඕනම හොඳ වැඩක් හරියනවා කියලා.

මෙන්න මේ දේවල් වලින් අපි කරපු කර්මයේ ප්‍රමාණය අනුව වන්දිය ගෙවී අවසන් වෙනවා (හරියටම කර්මයක විපාක ගෙවන කාලවකවානු කියන්න පුළුවන් බුදුපියාණන්වහන්සේට පමණයි). මේක තමයි අනෙක් ක්‍රමය, අපල වලට ප්‍රතිකර්මය. තවද යහපත් වැඩ පිළිවෙලක් ලෝකයාට කරලා සිද්ධ කරලා දේවත්වය ලබා ඇති ග්‍රහ දේවතාවන්ටත් මා අද කර ගත්ත පින අනුමෝදන් වෙත්වා කියා අනුමෝදන් කරන්න පුලුවන් (මේක කපටි කමට හොරට කරන අනුමෝදනාවක් නොවිය යුතුයි). එවිට ඒ දේවතාවනුත් සතුටු වි අපට යම් අපලක් පලිසන් දීමට තියෙනවා නම් එය පලිසන් දීමට අවශ්‍ය කරන පරිසරය වෙනස් කිරිමට මැදිහත් වෙනවා. අපි විසින් දස අකුසල් කරලා හට ගත්ත අවැඩ අසාධාරණ තමයි මේ සියලුම ග්‍රහ අපල කියන්නේ. ඉතින් අපි මේ හැම එකකම හේතු ඵල දකින්න ඕනේ. දස අකුසලයෙන් වෙන් වෙලා සියළුම ලෝක සත්වයාට මෙත් සිතකින් කාය කර්ම, වචි කර්ම, මනෝ කර්ම අවංකවම කරන්න ඕනේ. හැබැයි තමන්ගේ වාසියට නෙමෙයි. මේ හේතුවෙන් ලෝක සත්වයාට වෙන අවැඩ අවංකව අවබෝධ කරගෙන කරන කෙනාට යම් දවසක අපල ගෙවිලා අවසන් වෙනවා (මේක තමයි මම අර කලින් පෝස්ට් එකේ සඳහන් කලේ "පංච දුෂ්චරිතයෙන් වෙන්වූවන්ට ග්‍රහයෝ අපල නොකෙරෙති" කියලා). ඉතින් අපි අවංකවම අයතන සංවරයෙහි පිහිටන්න ඕනේ, නැවත එම අපලය ඇති වෙන්න තියෙන හේතු නැති කරන්න.

ඉතින් මේක තමයි අපි දකින්න ඕන ක්‍රමය. අපලයත්, අපලයට හේතුවත්, අපලය නිරෝධ කරගන්න ක්‍රමයත්, නිරෝධ කරගන්න මාර්ගයත්. ඕක තමයි ඥාණවන්ත ක්‍රමය. එහෙනම් ඒ නරක ප්‍රතිඵලය නොලැබෙන්න නම් හේතුව දැකලා ඒ හේතුව නැති කර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න පටන් ගත්විට කරදර බාධා අඩු ජීවිත ගත කරන්න හේතු වාසනාව උදා වෙනවා.


10 ප්‍රතිචාර:

Asela said...

This is a great post.
Full credit for the admins.
Thanks a lot.

Priya said...

obage post eka hondai. 1 weni ekath mama kiyewa. karmaya gana watahenawa.
namuth graha apala saha karma vipaka yanu ekak bava pili ganee keseda?

Viduransi said...

Well said friends!
may triple gem bless you for the best!

isaman said...

මේ post එක දානකන් බලාගෙන හිටියෙ.ඊලග දහම් කරුන ගැන දැනගන්න බලාගෙන ඉන්නෙ..

Fiqri said...

@Priya

හ්ම්...

මම උදාහරණයක් පෙන්නන්නම්, අපි හිතමු කෙනෙක් තව කෙනෙකුට කෝට්ටකින් ගහනවා, ගුටි කාපු එක්කෙනා කියනවා මට "කෝටු පාරක්" ගැහුවා කියල. තව කෙනෙක් ගහනවා ගලකින්. ඒ වගේම ගලින් ගුටි කාපු එක්කෙනා කියනවා මට "ගල් පාරක්" වැදුනා ගැහුවා කියනවා. තව එක්කෙනෙක් කෙලින්ම අතින් ගහනවා, ඒ වගේම ගුටි කාපු එක්කෙනා කියනවා මට "අතින්" ගැහුවා කියලා.

අපි දැන් ඉහත උදාහරණය හොඳින් බැලුවොත්, "කෝටු පාර", "ගල් පාර" සහ "අත්ල පාර" ඒ හැම එකකට අත සම්බන්ධයි කියලා පේනවා. විවිධ නම් තිබ්බට "අතින්" තමයි ගහල තියෙන්නෙ. කර්ම විපාකත් ඒ වගේ මොන මොන ආකාරයෙන් ආවත් මුල කර්මයයි.

යම් කිසි කෙනෙකුට විපාකයක් (දුකක්, කරදරයක්) ආවාම, බුදුපියාණන්වහන්සේ පහළ වීමට පෙර මිනිස්සු හිතුවේ මේක "ග්‍රහයන්ගෙ" වැඩක් එහෙම නැත්නම් "ග්‍රහ අපලයක්" , යම් කිසි "දේවතාවකගෙ උදහස් වීමක්" (දේවතාවන්ගෙ සම්බන්ධය ලිපිය කියවු ඔබට වැටහෙන්න ඇති). ඉතින් බුදුපියණන්වහන්සේ පහළ වීමෙන් පසු තමයි උන්වහන්සේගේ අනාවරණ ඤාණයෙන්, මේවා තමා විසින් අවිද්‍යාවෙන් හටගත් ලෝභ, ද්වේශ සහා මෝහ සහගත වැඩපිළිවල නිසා ඇතිවූ කර්මයන්ගේ විපාක මිසක් කොහේවත් තියෙන ග්‍රහතරුවත්, දේවතාවන් වත් සම්බන්ධයක් නැහැ කියළා.

Thamara said...

@Fiqri

හොද උදාහරනයක්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ තාරකා මොනවා කරන්නද, උඹලා කර ගත්ත දේවල් උඹලට ඵල දෙනවා කියලා.

Gayan Gunarathne said...

Niyamai Fiqri !
Avidyawena baduna sathwayata widyawa pahala wewa !

Suga said...

Pin sidu wewa.....

n.a.nayana said...

මගෙ අදහසකුත් එකතු කරන්න කැමතියි.

අපිට අනාවරණ ඥානයක් නැති නිසා සමහර දේවල් තියෙනවා විශ්වාසයෙන් ඇදහිය යුතු.... අපිට නොපෙනෙන අති සියුම් බලවේග තියෙනවා විශ්වාසයෙන් ඇදහිය යුතු.

ඒත් එක්කම සාම්ප්‍රදායිකව කරගෙන එන සමහර දේවල් තියෙනවා අහක දාන්න බැරි. සාම්ප්‍රදායික ක්‍රම ලෝකෙට බිහිවෙලා තියෙන්නේ මුලදි හරියට දැනගෙන කරපු පිරිසක් නිසා. නිකම්ම අන්ධ භක්තිකයො නිසා නෙමයි.
බුදු රජාණන් වහන්සේගේ ඥානයට ගෝචර වුනු දේවල් තමයි ශ්‍රවකයන් වහන්සේලා විසින්(ඥාන සම්ප්‍රයුක්තව) කරගෙන ආවෙ මුල් කාලයේදි. නමුත් කාලය ක්‍රම ක්‍රමයෙන් ගිහිල්ලා සාම්ප්‍රදායික සිරිතක් වශයෙන් භාවිතා කරගෙන එන්න පටන් ගත්තාම අර ගෙනාපු මූල ධර්මය වැහිලා යනවා. වැහුනාට පස්සෙ ඥාන සම්ප්‍රයුක්තව කල යුතු කටයුතු කර ගන්න බැරුව යනවා. නමුත් ඒ කරන දේ හොද නිසා ඥාන විප්‍රයුක්ත නමුත් පිනක් සිද්ද වෙනවා. ඒ මට්ටමේ පින් වැඩ තමයි අද බොහෝ කොට තියෙන්නේ. විග්‍රහ කරගන්න බැරුව..තේරුම් ගන්න බැරුව ඉන්නෙ.

අපිට යතාර්ථය දැන ගන්න අවශය කරන්නේ පොත් පත් වල තියෙන නිසාවත්, පරම්පරාවෙන් ගෙනාව නිසාවත් නෙමයි. අපි කරපු යම් ක්‍රියාවක් යහපත් නම් ඒකෙ ක්‍රම රටාවක් සැගවිලා තියෙනවා. මතු කර ගත්තාම බුද්ධියෙන් කටයුතු කරලා තමන්ගේ ප්‍රතිපලය ලබාගන්න. මෙන්න මේ සැගවිලා තියෙන ක්‍රම රටාව මතු කර ගන්න බැරුව ගොඩක් අය අතරමං වෙලා තියෙනවා. සමහරු මතු කර ගන්න උත්සාහ කරනවා.

ඉතින් මේ සැගවුනු දහම් කරුණු මතු කරලා ලෝකෙට දෙන්න, ඔබලා දරන ප්‍රයත්නයට මහත් පින්!!!!!

Priya said...

niyamai. hariyatama har Fiqri. obage pahadili keremata godak pin. obage uthsahaya avidyawen wasee athi sathwaya in mudawa ganeemata bava penawa.theruwan saranai.